Apr 19, 2019

"මාව මට්ටු කරන්න බෑ වෙට්ටු දමල හිටං” (වීඩියෝ) Featured

ඉකුත් දා එළිදැක්වුණ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ ජය ශ්‍රී ඇමතිතුමා සිනමාපටයේ ගීතය මේවන විට ජනප්‍රිය වී තිබේ.

ජිප්සීස් සුනිල් පෙරේරා සංගීතවත් කොට ගායනා කරනු ලැබූ එය නම් කොට ඇත්තේ දියවන්නාවේ තියෙන්නේ මොන්ටිසෝරියක් ලෙසටයි.

ජනප්‍රිය ගීත රැසක් රචනා කරනු ලැබු චන්ද්‍රදාස ප්‍රනාන්දු විසින් මෙහි පදමාලාව රචනා කර තිබේ.

ජයශ්‍රී ඇමතිතුමා ජනිතගේ පස්වැනි සිනමා නිෂ්පාදනය වේ.

මගෝඩිගෝඩයි, කිව්වද නහී නොකිව්වද නහී, මගේ යාළු මාළු සහ ඇඩ්ඩ්‍රස් නෑ ජනිත නිෂ්පාදනය කළ චිත්‍රපට වේ. ජයශ්‍රී ඇමතිතුමා නිශාන්ත වීරසිංහගේ අධ්‍යක්ෂණයකි.

තව නොබෝ දිනකින් සී. ඊ. එල්. මණ්ඩලයේ තිරගතවීමට නියමිත මෙම සිනමාපටයෙහි ඇමති චරිතය රඟපානු ලබන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි.

සහාය චරිතය ටෙනිසන් කුරේ විසින් නිරූපණය කරන අතර ශ්‍රියන්ත සහ ටෙනිසන් එකට රඟපානුයේ ප්‍රථම වතාවටය.

කුසුම් රේණු, දමිතා අබේරත්න, ගයත්‍රි ඩයස්, ආරියසේන ගමගේ, ලක්ෂ්මන් අමරසේකර, ඩී. බී. ගංගොඩතැන්න, ශිරෝමිකා ප්‍රනාන්දු ඇතුළු පිරිස සෙසු ප්‍රධාන චරිත රඟ දක්වති.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top