Apr 19, 2019

“දශක තුනක මාතර කතාව” - 20 සහ 21 මාතර දී (වීඩියෝ)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් උත්සව කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 20 වැනි සෙනසුරාදා උදෑසන 9.00 සිට මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී “දශක තුනක මාතර කතාව” නම් වූ ඡායාරූප ප්‍රදර්ශනයක් මාතර නුපේ පැරණි ඕලන්ද මාර්කට් භූමියේදී එළිදැක්වේ. මෙම ඡායාරූප ප්‍රදර්ශනය ඉරිදා (21) දිනයේ දහවල් 12.00 දක්වා පැවැත්වෙයි.

මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවිය අලළා පැවැත්වෙන විශේෂ උත්සවය 21 වැනි දා පස්වරු 3.00ට රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී ආරම්භ වෙයි.

දෙමල ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීමට නියමිතය.

එම උත්සවයේ දී මංගල සමරවීර මහතාගේ දිවියේ රසමුසු තැන් අලළා නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත “මංගල සමරවීර” කෘතිය එළි දැක්වීම ද සිදු කෙරේ.

අමාත්‍යවරයාගේ දශක තුනක දේශපාලන ගමන්මග පිළිබඳ ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි.

මෙම අවස්ථාවට විද්වතුන්, කලාකරුවන්, මංගල සමරවීර මහතාගේ දේශපාලන හිතවතුන් ඇතුළු මාතර දිස්ත්‍රික් ජනතාව සහභාගී වීමට නියමිත ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top