Apr 20, 2019

ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙක් අල්ලස් අරන් ? Featured

ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේ දී ක්‍රිකට් තේරීම් කමිටුවේ නිලධාරියෙකු කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩකයෙකුගෙන් තරගාවලි දීමනාවෙන් 10%ක අල්ලස් ලබා ගෙන ඇතැයි ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.

මැද පෙල මැදපෙල පිතිකරුවකු ලෙස මෙම ක්‍රීඩකයා කණ්ඩායමට නම් කර ඇත්තේ අවසන් මොහොතේ බව පැවසේ.

දහවල් දෙකට මාධ්‍ය හමුවකදී කණ්ඩායමේ නම් ඉදිරිපත් කිරීමට පැය කිහිපයකට පෙරත් ඔහුගේ නම කණ්ඩායමේ නොතිබී ඇතැයි වාර්තා වේ.

ලෝක කුසලාන ණ්ඩායමට මෙම ක්‍රීඩකයා නම් කිරීම සඳහා කිසිදු ප්‍රබල දස්කමක් පසුගිය අන්තර් පලාත් තරගාවලියේ ද ඔහු විසින් සිදු කර නොමැති අතර ශ්‍රී ලංකා පිල අවසන් වරට සහභාගීවූ දකුණු අප්‍රිකාවේ පැවති එක්දින තරගාවලියට ද ඔහු ඇතුලත් නොවීම විශේෂ සිද්ධියකි.

- mirrorgames.lk

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top