Apr 20, 2019

සයිබර් ආරක්ෂවට අලුත් පනත් දෙකක් !

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් හා විශේෂ තොරතුරු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ නව පනත් දෙකක් ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

විශේෂයෙන්ම සයිබර් ආරක්ෂාවට හානි කරන හා විවිධ අකටයුතුකම්හි යෙදෙන පුද්ගල‍ෙන් සම්බන්ධව ක්‍රියා කිරීමට මෙරට නීතියක් නැති හෙයින් නව නීති අනුව අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට කටයුතු කළ හැකි බවද, ඒ අනුව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන විසින් ඇති කරගෙන තිබෙන සයිබර් ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා අපටද අවස්ථාව සැලසෙන බවද ඇමැතිවරයා කියා සිටී.

එසේම ඇතැම් විශේෂ තොරතුරු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු ආරක්ෂණ පනත නමින් නව පනතක් කෙටුම්පත් කර ඇති අතර, ඒ හරහා අනිසි ලෙස පෞද්ගලික තොරතුරු හෝ ආරක්ෂාවට හානි වන තොරතුරු ප්‍රසිද්ධ වීම වළක්වාගත හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top