Apr 20, 2019

බස්‌නාහිර පළාත් සභා නිල කාලය හෙට රෑ අවසන්

බස්‌නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට (21 දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනු ඇත. ඒ අනුව පළාත් සභා නවයෙන් අටකම නිල කාලය අවසන් වෙයි.

ඌව පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතය.

බස්‌නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට (21 දා) අවසන් වීමත් සමග පළාත් සභා අටකම පාලනය ආණ්‌ඩුකාරවරුන් යටතේ පවතියි.

සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා නිල කාලය අවසන් වී මේ වනවිට වසර එකහමාරකට අධික කාලයක්‌ ගතවී ඇත.

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top