Apr 20, 2019

ලබන මැතිවරණයට අලුත් ඡන්ද ලක්ෂ 2ක් Featured

වසර 2019 ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම මේවන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා වසර 2019 ඡන්ද හිමි නාම ලේඛනය භාවිතා කරන බවද මැතිවරණ කොමිසම සඳහන් කළේය.

අලුත් ඡන්ද ලක්ෂ 2ක් පමණ එකවනු ඇති බවට ද මැතිවරණ කොමිසම අපේක්ෂා කෙරේ.

ඒ අනුව පසුගිය වසරේ එක්කෝටි 57 ලක්ෂයක් වූ ඡන්දහිමියන් සංඛ්‍යාව මෙවර එක්කෝටි 59 ලක්ෂය ඉක්මවනු ඇතැයි පැවසේ.

1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන අනුව වාර්ෂිකව ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සිදුකරනු ලබයි.

මෙරට සෑම පුරවැසියකුටම වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුව ඡන්ද හිමියකුගේ සුදුසුකම ලැබේ.

ඒ අනුව 2019 ජුනි 01 වැනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සෑම පුරවැසියකුටම මෙවර ඡන්දය භාවිතා කිරීමේ අයිතිය හිමිවේ. ඒ අනුව 2001 වසරේ මැයි 31 වැනිදා හෝ ඊට පෙර උපත ලැබූ සියලුම දෙනාට මෙවර ඡන්ද ලයිස්තුවට සිය නම එකතු කර ගත හැකි වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top