file photo file photo
Apr 20, 2019

මාලි යවන්න ගෙනා කෝටි 36 ක වාහන පනාගොඩ මලකඩ කයි ! Featured

කොළඹ වරායේවත් නොමැති, එකක් රුපියල් කෝටි හයක් බැගින් වටිනා ඉන්දියාවෙන් ආනයනය කළ කන්ටේනර් ඔසවන රථ (Contrainer Lifter) තුනක් පනාගොඩ යුද හමුදා කඳවුරේ අවුරුද්දක් තිස්සේ පැත්තකට දමා තිබෙන බව අරුණ පුවත්පත අනාවරණය කර තිබේ.

මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යන හමුදා බලඇණියක් සඳහා රුපියල් බිලියන 600ක හමුදා උපකරණ හා වාහන මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලද අතර ඒ යටතේ මිලදී ගත් වාහන තුනක් මාලි රාජ්‍යට යැවීමට නොහැකිව පනාගොඩ කඳවුරේ මෙසේ ගාල් කර තිබෙන බව හෙළිවී ඇත.

මානව හිමිකම් කොමිසම මගින් මාලි රාජ්‍යට යන බලඇණියට අදාළ නිෂ්කාෂණ වාර්තා ලබාදීමේ ප්‍රමාදය හේතුවෙන් හත්සිය පනහක බලඇණියක් වෙනුවට එහි යැවීමට හැකි වූයේ දෙසීයක පමණ කණ්ඩායමක් (Company) පමණක් බවද පැවසේ.

මේ හේතුවෙන් තවම මාලි රාජ්‍යට යවා ඇත්තේ මිලදීගත් කන්ටේනර් ඔසවන එක් රථයක් පමණි.

දැනට ඇති තත්ත්වය මත මෙම දෙසැම්බරයට පෙර මීළඟ බලඇණිය පිටත් කර යැවීමට අපොහොසත් වුවහොත් රුපියල් බිලියන ගණනක් වටිනා මෙම වාහන යළි මුදල් වියදම් කර ගෙන මෙරටට ගෙන ඒමට සිදුවන බව ආරක්ෂක ප්රධානීහු පෙන්වා දෙති.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top