Apr 20, 2019

මධුෂ්ගේ දියමන්තියේ ඉරණම නීතිපති අතේ ! Featured

රුපියල් කෝටි හත්සියයක් වටිනා බව කියන මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය ඇරැව්වලින් කොල්ලකෑ දියමන්තිය රාජසන්තක කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට පොලිස් මූලස්ථානය නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ග්‍රෑම් එකසිය හතළිහක් බරැති මෙම දියමන්තිය මාකඳුරේ මධුෂ්ගේ රහස්ය මෙහෙයුම් කළ කැවුමා නමැති අපරාධකරු විසින් පානදුරේ කෙසෙල්වත්තේ නිවසක සඟවා තිබියදී පසුගියදා පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකයට හසුවිය.

මෙහි වටිනාකම තීරණය කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය එම දියමන්තියෙන් මිලිග්‍රෑම් තුන්සියයක් සූරා ඉවතට ගත යුතු බව දැන්නුවත් එහි හිමිකරු ලෙස පෙනී සිටින ඇරව්වල ව්‍යාපාරිකයා එයට අකැමැති වී ඇත.

මෙම දියමන්තිය මෙරටට ගෙන ආ ආකාරය ඔප්පු කළ හැකි සාධක නොවීමත්, මෙවැනි දියමන්තියක් ළඟ තබා ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් තිබිය යුතු වීමත් නිසා මෙය එහි හිමිකරුට දෙනවා ද රාජසන්තක කරනවා ද යන්න පිළිබඳ නීතිපති උපදෙස් පැතූ බව පොලිසිය කියයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top