Apr 20, 2019

වානිජ බැංකු හිතුමතේ ක්‍රෙඩිට් කාර්ඩ් පොලිය උස්සලා ! Featured

ඉකුත් අප්‍රේල් 01 දා සිට ඇතැම් වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ්පත් (ණය කාඩ්පත්) සඳහා අයකළ පොලිය 4%කින් පමණ ඉහළ දමා තිබේ.

ඊට අමතරව, එසේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන ගෙවීම් නියමිත දිනයට කරගත නොහැකි වුවහොත් ඒ සඳහා අයකළ ප්‍රමාද ගාස්තුව ද වැඩිකර ඇත.

ක්‍රෙඩිට් කාඩ්පත් වර්ගීකරණය කොට මෙම පොලී අනුපාතය නියම කර ඇත.

මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකළ පොලී අනුපාතය 28%කි.

කෙසේවුවද, අප්‍රේල් 01දා සිට අඩු ණය සීමාවක් සහිත ක්‍රෙඩිට් කාඩ්පත්වලින් අයකරන පොලිය 31.8%ක් ලෙස ඉහළ නංවා තිබේ.

එහෙත් වැඩි ණය සීමාවක් ඇති විශේෂ වර්ගයේ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් අයකරන පොලිය ඉහළ නංවා ඇත්තේ 28%සිට 30%දක්වාය.

ක්‍රෙඩිට් කාඩ් බිල්පත් නියමිත දිනයට ගෙවීමට නොහැකි වන පාරිභෝගිකයන්ගෙන් අප්‍රේල් 01දාට පෙර අයකළේ රුපියල් 990/-ක ප්‍රමාද ගාස්තුවකි.

දැන් එවන් අවස්ථාවකදී අයකරන ප්‍රමාද ගාස්තුව රුපියල් 1200/-ක් දක්වා ඉහළ නංවා තිබේ.

රජය බැංකු පොලී අනුපාත අඩුකරන ලෙස වාණිජ බැංකුවලට හා ශ්‍රී ලංකා මහ බැංකුවට නියම කර ඇතැයි පසුගියදා ප්‍රකාශ කෙරිණ. එ

හෙත් වාණිජ බැංකු සිය පොලී අනුපාතයන් මෙලෙස ඉහළ නංවා තිබේ.

දැනට මෙරට සමස්ත ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව දහහතර ලක්ෂ පනස් දහසක් (14,50,000) පමණ වන බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top