Apr 21, 2019

කොටහේනේ - මීගමුවේ පල්ලි 2ක පිපිරීම් (ඡායා)

Update - කොටහේන කොච්චිකඩේ කතොලික දෙවස්ථානයක පිපීරිමක් සිදු වි ඇති බව වාර්තා වේ.

මිට සුළු වෙලාවකට පෙර මෙම පිපීරිම සිදු වි ඇති බව වාර්තා වේ.

දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව කොච්චිකඩේ ප්‍රහාරයෙන් ජීවිත හානි සිදුව ඇතැයි වාර්තා වේ.

මීගමුව කටුවාපිටිය පල්ලියට ද ප්‍රහාරයක් එල්ලවී ඇතැයි මේ අතර වාර්තා වේ.

මීට අමතරව, කොළඹ කිංස්බරි හෝටලය අසළ දමා ගිය බෝම්බයක් සහ මරදාන ලැගුම්හළක් අසළ බෝම්බ දෙකක් පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූවෝ මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළු කරමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි.

පිපිරීම් සිදුවී ඇති ස්ථාන ලෙස වාර්තා වී ඇත්තේ පහත ස්ථානයන්ය.

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී පල්ලිය
කටාන කටුවාපිටිය පල්ලිය
ශ්‍රැංශ්‍රිලා හෝටලට
කිංග්ස්බරි හෝටලය
මඩකලපුව පල්ලියක් තුළ
සිනමන්ග්‍රෑන්ඩ් හෝටලය (Unconfirmed )
හිල්ටන් හෝටලය (Unconfirmed )

මෙම තත්වය මත ඒ ස්ථාන අවට එක් රොක් නොවී නිවෙස් තුලම රැදී සිටින ලෙස ආරක්ෂක අංශ ඉල්ලා සිටියි.

ඡායා- ෆේස්බුක් ඇසුරෙන්

kotahena 1

kotahena 2

kotahena 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top