Apr 21, 2019

ජනපති අපේක්ෂකයාට සහය දෙන්න විග්නේෂ්වරන් ලිඛිත පොරොන්දු ඉල්ලයි ! Featured

ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන කුමන හෝ අපේක්ෂකයෙකු දෙමළ ජනතාවගේ අවශ්‍යතා හෝ ඔවුන්ට ලබා දෙන පොරොන්දු අනුව ඔහුට සහාය දැක්වීමට තීරණය කරන බව ටී එම් කේ පක්ෂයේ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා කියයි.

එය වාචික පොරොන්දුවක් නොවන තුන්වෙනි පාර්ශ්වකරුවෙකු ගේ මැදිහත් වීමත්, සමග ලිඛිත පොරොන්දුවක් විය යුතු බව ද ඔහු පැවසීය.

එම අපේක්ෂකයා ඉදිරිපත් කරන කොන්දේසි සහ ඔවුන් ලබාදෙන පොරොන්දු අනු තම පක්ෂයේ සහය සහ දෙමළ ජනතාවගේ සහාය ලබාදීමට කටයුතු කරන බව විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී දෙමළ ජනතාව වෙනුවෙන් පොරොන්දු රාශියක් ලබාදුන්නද ඒ කිසිවක් මෙතෙක් ඉටු කර නොමැති බවට ද ඔහු චෝදනා කළේය.

ජිනීවා මානව හිමිකම් කොමිසම සම්බන්ධව ද ආණ්ඩුව පොරොන්දු රැසක් ලබාදී තිබුණද ඒවා ද මෙතෙක් ඉටුකර නොමැති බව විග්නේෂ්වරන් මහතා පැවසීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top