Apr 21, 2019

හැසිරීම් වෙනස්කර ගන්නා බවට ගෝඨාගෙන් සහතිකයක් ! Featured

තමා සතුව හමුදාමය ගති පැවතුම් හා ෆැසිස්ට්වාදී ඒකාධිපති ස්වභාවයන් පවතින බවත් තමන් රටේ ජනාධිපති වුවහොත් එම හැසිරීම් රටාවන් වෙනස් කරගන්නා බවත් නව වාමාංශික පෙරමුණ හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව එම පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නව වාමාංශික පෙරමුණේ නායකයින් අතර පසුගිය 16 වැනිදා පැවති හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පොරොන්දුව ලබාදී තිබේ.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ හමුදා සේවයේ යෙදී සිටි බැවින් තමා තුළ එම ලක්ෂණ ඇතිව තිබූ බවත් රටේ ජනාධිපති වුවහොත් එම ලක්ෂණ මගහැරගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකර ඇති මෙම ප්‍රකාශය ඔහු විසින් පසුගිය දිනවල සිදුකළ ප්‍රකාශ හා නොගැලපේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පොරොන්දුව හරහා පැවති කළු දශකයේ ඒකාධිපති පවුල්වාදී සහ මිලිටරි ලක්ෂණ පිළිගෙන තිබේ.

මාධ්‍ය ආයතන වලට බෝම්බ ගසමින් , මාධ්‍ය ආයතන ගිනි තබමින් හා මාධ්‍යවේදීන් ඝාතනය කරමින් මෙන්ම තමන්ට එරෙහි පිරිස් සුදුවෑන් මගින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරමින් සහ අයිතීන් ඉල්ලූ විරෝධතාකරුවන් ඝාතනය කරමින් පැවති කළු දශකය මේ හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ සතුව මිලිටරි ලක්ෂණ ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්ෂකයාවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා නුසුදුසු බව වාසුදේව නානායක්කාර මහතා පසුගිය දිනවල ප්‍රසිද්ධියේ කියා සිටියේය.

නමුත් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දුවක් මගින් වාසුදේව නානායක්කාර මහතාගේ සහ එම පක්ෂයේ තීරණය වෙනස් වී ඇත.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම හැසිරීම බලය ලබාගැනීමේ උපක්‍රමයක් දැයි සැක කිරීමට සාධාරණ හේතු මේ වනවිටත් ඇත.

(lankatruth.com)

සබැඳි පුවත් :

ජනාධිපතිවරණය : මිනීමරු අපේක්ෂකයන් එපා 

'මිනීමරුවන්ට ජනාධිපති අපේක්‍ෂකකම් දෙන්න බෑ' -වෙල්ගම 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top