Apr 21, 2019

රට පුරා රෝහල්වලට ලේ අවශ්‍යයි

අද (21දා) උදෑසන දිවයින පුරා සිදුවූ පිපිරීම් හයක් හේතුවෙන් තුවාල ලැබූවන්ට ලබාදීම සදහා අවශ්‍ය ලේ වර්ගවල හිඟයක් ඇතැයි වාර්තා වේ.

ශී ලංකා ජාතික රුධිර පාරවිලයන සේවය මගින් ළඟම රෝහල් ලේ වලට පැමිණ ලේ ලබාදෙන ලෙස සෞඛ්‍යසම්පන්න ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මඩකලපුව ප්‍රහාරයෙන් තුවාල ලැබූ ජනතාව සදහා (O) – රුධිරය අවශ්‍ය බැවින් මඩකලපුව රෝහල වෙත පැමිණ ලේ ලබාදෙන ලෙස ජාතික රුධිර පාරවියලන සේවය ඉල්ලා සිටී.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ජාතික රුධිර පාරවිලයන සේවය මගින් රුධිර කාණ්ඩයේ නොසලකා හැර සියලූම ලේ වර්ග ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද පෙරවරුවේ කොච්චිකඩේ කොලඹදී සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයින් 100 කට අධික සංඛ්යාවක් මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top