ෂැන්ග්‍රිලා සංචාරක හෝටලය ෂැන්ග්‍රිලා සංචාරක හෝටලය
Apr 21, 2019

 ශ්‍රී ලංකාවේ පිපිරීම් දෙස ලෝකයේ අවධානය Featured

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය අදහස් පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශෝකය ප්‍රකාශ කරයි.

"වටිනා ජීවිත සහ සිය ගණනක් තුවාල ලද ශ්‍රී ලංකාව තුළ පාස්කු ඉරිදා එල්ල වූ බියකරු ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා" යනුවෙන් ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ. 

"ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින," බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබේ.

සිංහල බසින් මෙන් ම ඉංග්‍රීසි බසින් ද ට්විටර් පණිවුඩ පළ කරමින් ඔහු පවසා ඇත්තේ, "ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග සිටින" බවය.

ඉන්දීය අගමැතිගේ ට්විටර් පණිවුඩ
sri lanka 48003545මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද ට්විටර් ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඇය පවසා ඇත්තේ, "කිසිදු පුද්ගලයෙකු තමන්ගේ විශ්වාසය මත බියකට පත් වීමට ඉඩ නොතැබිය යුතු," බවය.

තෙරේසා මේ  ට්විටර් සටහන 
theresaමේ අතර, බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ජෙරමි හන්ට් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ දේවස්ථාන සහ හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බවය.

ජෙරමි හන්ට් ට්විටර් සටහ

jeremyමේ අතර, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට සංචාරක උපදෙස් නිකුත් කර තිබේ.
sri lanka 4x

fco(බීබීසී සින්හල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top