Apr 21, 2019

සමාජ මාධ්‍ය අවහිර කිරීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්

ෆේස්බුක් සහ වට්ස්ඇප් සමාජ ජාල අවහිර කිරීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවත් රජය ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කළ හොත් අසත්‍ය පුවත් පැතිරීම වැළැක්වීමට ෆේස්බුක් සමාගම සුදානම් බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමුහය (SRI LANKAN TRANSLATION COMMUNITY) පවසයි.

එම සංවිධානයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා නිකුත්කළ නිවේදනයක් එබව සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

''ප්‍රථමයෙන් ඇතිවී ඇති තත්වය හේතුවෙන් මියගිය හා තුවාල ලැබූ සියල්ලන්ටම අප සංවිධානයේ කනගාටුව පලකරන අතර මේ උදාවී ඇති තත්වය පදනම් කරගනිමින් කැබිනට් මණ්ඩලය විසින් සමාජ මාධ්‍ය අවහිර කිරීමට පියවර ගෙන තිබෙන අතර මේ නිසා සිවිල් ජනයා බොහෝ අපහසුතාවයට පත්ව සිටි.

මෙම ක්‍රියාව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස තරයේ හෙලා දකින අතර පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා සාමාන්‍ය ජනයා තම නැදෑ හිතවතුන් ආරක්ශාකාරීදැයි පවා දැනගැනීමට නොහැකිවී සිටින බව වාර්තා වේ. 

උදෑසන සමාජ මාධ්‍ය හරහා ඒකරාශී වූ ජනතාව අනතුරෙන් පත් ජනතාවට ලේ දන්දීමට විශාල වශයෙන් ඉදිරිපත් වූ අතර සමාජ මාධ්‍ය අවහිරයත් සමගම දැන් එසේ ජනතාවට එකාවන්ව ඒකරාශී වීමට තිබූ හැකියාව වියැකී ගොස් ඇත.

බොහෝ ජනතාව VPN භාවිතයට පුරුදුව ඇති අතර එම නිසා රජයේ සමාජ මාධ්‍ය තහනම නිෂ්පල ක්‍රියාවක් වී ඇත. එම නිසා රජය විසින් අන්තර්ජාල වේගය අඩාල කිරීමට කටයුතු කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ. 

කෙසේ වෙතත් රජය රාජ්‍යත්‍රාන්තික වශයෙන් ඉල්ලීමක් ෆේස්බුක් ආයතනයෙන් සිදුකළහොත් අසත්‍ය ප්‍රචාර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සැරිසැරීමට තිබෙනා ඉඩපහසුකම් ඉවත්වී යන අතර ෆේස්බුක් අවහිර කිරීමට රජයට සිදු නොවෙනු ඇත.

ෆේස්බුක් ආයතනය මගින් අනතුරට පත් ෆේස්බුක් සාමාජිකයන් සොයාබැලීමට විධිවිධාන සපයා තිබියදී පවා ෆෙස්බුක් අඩවිය අවහිර කිරීමට  කටයුතු කිරීම පිලිබදව බලවත් කනස්සලෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස මිට පෙර අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය අවහිර කිරීම් වලට විරුද්ධව හඩ නැගු සංවිධානයක් වන අතර වෙනත් විකල්පයන් තිබියදී මෙම සමාජ මාධ්‍ය අවහිර කිරීම තරයේ හෙලා දකිමු.

තවද මෙම අවහිර කිරීමට එරෙහිව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී අප සමූහය බලාපොරොත්තු වෙමු.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top