Apr 21, 2019

ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක් !

ගුවන් තොටුපළ තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන හෙයින් ගුවන් ගමන් වේලාවට පැය 4කට පමණ පෙර පැමිණිය යුතු බව ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය ගුවන් මගීන්ට දැනුම් දී සිටියි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව අද උදෑසන 10.00 සිට තර කිරීමට පියවර ගෙන තිබේ.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කලේ, අද උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟම මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසෙවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා බව ද ඔහු පවසයි.

එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බව ද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කරයි.

එමෙන්ම ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සඳහා ද වැඩිපුර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, පොලිස්, ගුවන්, යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

රජය විසින් ඇඳිරි නීතිය පනවා ඇතත් විදේශගත වීමට යන ගුවන් මගීන්ට සිය ගුවන් ගමන් ටිකට් පත අවසර පත්‍රයක් ලෙස යොදා ගැනීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

srilankan

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top