Apr 22, 2019

සත්තු වත්ත විවෘත කරද්දී ගල්කිස්සේ ගෙයක් පිරික්සයි

රටේ ඇති වු කළබලකාරී තත්ත්වය සමඟ ඊයේ වසා දැමුණු දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද (22) යළි විවෘත කර තිබේ.

සුපුරුදු පරිදි උදෑසන 8.30 සිට සවස 6 වන තුරු සත්වෝද්‍යානය විවෘතව තැබෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.

ආරක්ෂිත හේතු මත පැමිණෙන සියලු නරඹන්නන් ශරිර පරීක්ෂාවකට ලක් කර සත්වෝද්‍යානයට ඇතුළු කර ගනු ලබන බව පැවසු අධ්‍යක්ෂ ජනරාල්වරිය, ගමන් මලු රැගෙන ඒමෙන් වළකින ලෙසද නරඹන්නන්ගෙන් ඉල්ලීමක්ද කළාය.

සත්වෝද්‍යානය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර පොලීසිය යොදවා ඒ අවට ආරක්ෂාවද සළසා ඇතැයි ප්‍රකාශ කළාය.

මේ අතර ගල්කිස්ස නිවාස සංකීර්ණයක නිවසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටී. පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් අනුව මෙම සෝදිසි මෙහෙයුම් සිදුකරයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැත. මෙම ප්‍රහාවලින් මේ දක්වා පුද්ගලයින් 290ක් ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වේ.

මෙම පිපිරීම්වලින් මියගිය අයගේ මළ සිරුරු තැන්පත් කර ඇති රෝහල් වෙත වහාම ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ දේහ කඩිනමින් ඥාතීන් වෙත භාරදීම සඳහා කටයුතු කළ යුතු බැවින් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු තැම්පත් කර ඇති රෝහල් වෙත ගොස් පරීක්ෂණ කටයුතු සිදු කර දෙන ලෙස අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂකවරුන්ට දැනුම් දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top