Apr 22, 2019

පිපිරීම් මාරාගෙන මැරෙන ප්‍රහාර බවට තහවුරු වේ !

ඊයේ (21) දිනයේ සිදු වු පිපිරීම් වලින් කිතුණු දේවාස්තාන තුන තුළ සිදු වු පිපිරීම් සහ කොළඹ හොටල් තුනක් තුළ සිදු වු පිපිරීම් මාරාගෙන මැරෙන ප්‍රහාර බවට හෙළි වී ඇත.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ සිදු කළ පරික්ෂණ අනුව ඒ බව තහවුරු වී ඇති බවයි.

කෙසේවුවද මෙම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැත.

මෙම ප්‍රහාර වලින් මේ දක්වා පුද්ගලයින් 290ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top