Apr 22, 2019

ශාන්තා සහ දියණියගේ අවසන් කටයුතු බ‍්‍රහස්පතින්දා

ඊයේ (21) උදෑසන කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත් ප‍්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්න මහත්මිය සහ ඇයගේ දියණිය නිසංකා මායාදුන්න මහත්මියගේ ගේ දේහයන් මේ වනවිට අංක 521 පරණ පන්නිපිටිය පාර ,පන්නිපිටිය දරණ ලිපිනයේ ශාන්තා මායාදුන්න මහත්මියගේ නිවසෙහි තැන්පත්කොට ඇත.

දේහයන් පිළිබඳ අවසන් කටයුතු බ‍්‍රහස්පතින්දා සවස 5.00ට සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග පවසයි.

පිපිරීම සිදුවන අවස්ථාවේදී ඇය සිය පවුලේ ඥාතීන් සමඟ එම හෝටලයේ උදෑසන ආහාරය ගනිමින් සිටින බව සඳහන් කළ සටහනක් ඇගේ දියණිය විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණි.

Shantha1 670px 19 04 22

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top