Apr 22, 2019

පිපිරීම් ගැන සොයා බැලීමට පත් කල ජනාධිපති කමිටුව මෙන්න

ඊයේ දින (21 ) දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ත්‍රීපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ත්‍රී පුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතය.

අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීමට මෙම විශේෂ ත්‍රී පුද්ගල පරික්ෂණ මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top