Apr 22, 2019

ඩෙන්මාර්ක් ධන කුවේරයාගේ දරු තිදෙනෙක් ලංකාවේදී මරුට Featured

කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ජාතික ධන කුවේරයෙකු වන Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි.
 
ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වන අතර ඉන් තිදෙනෙකුම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ.
 
ඔහුගේ දරුවන් සිව්දෙනා මීට දින කිහිපයකට පෙර මෙරට ප්‍රධානපෙලේ හෝටලයක නිවාඩුවක් ගතකරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.
 
Anders Holch Povlsen සැලකෙන්නේ ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙස වන අතර ඔහුට එංගලන්තයේ පිහිටා ඇති ASOS නමැති රෙදි සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එමෙන්ම ඩෙන්මාර්ක වංශාධිපතියෙකු වන Anders මහා බ්‍රිතාන්‍යයේ දෙවන වැඩිම ඉඩම් හිමියාද වේ.
 
මේ අවාසනාවන්ත පුවත සැලවීමත් සමඟ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ඩෙන්මාර්කයේ තානාපතිවරයා ද තත්ත්වය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
Povlsen 46 and Anne Storm Pedersen
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top