Apr 22, 2019

INTERPOL කණ්ඩායමක් ලංකාවට !

ශ්‍රී ලංකාවේ ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

ඉන්ටර්පෝල් නිවේදනයක දැක්වෙන්නේ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා බළධාරීන්ට සහයවීම පිණිස මෙම හදිසි ප්‍රතිචාර කණ්ඩායම පත් කර ඇති බවයි.

ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන්ගේ නාමයන් ඉන්ටර්පෝල් දත්ත ගබඩාවල ඇතිදැයි සෙවීමට මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ වී ඇත.

මෙම පිරිස අපරාධ පරීක්ෂණ විශේෂඥයන්, පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන්, ත්‍රස්ත මර්දන නිළධාරීන් සහ දත්ත විශ්ලේෂකයන් ඇතුලු නිළධාරීන්ගෙන් සමන්විත බව පැවසේ.

අවශ්‍ය වුවහොත් ඩිජිටල් වෝහාරික විශේෂඥයන්, ජෛවමිතික විද්වතුන්, වීඩියෝ සහ ඡායාරූප විශේෂඥයන්ද ශ්‍රී ලංකාවට එවීමට සූදානම් ඉන්ටපෝල් නිවේදනය කර තිබේ.

ඉන්ටර්පෝල් සතුව ජාත්‍යන්තර ජාලයක් පවතින බැවින් මෙම ප්‍රහාරයේ සැකකරුවන්ට ජාත්‍යන්තර සබඳතා ඇතිදැයි සොයා විමර්ශන ක්‍රියාවට නැංවීමට ද නියමිතය.

ඉන්ටර්පෝල් ප්‍රධානියා සඳහන් කර ඇත්තේ විපතට පත් පවුල්වල සාමාජිකයන්ට ගෝලීය නීතියට අනුව පූර්ණ විමර්ශනයක් ලබාගැනීමට අවස්ථාව පැවතිය යුතු බවයි.

ඉන්ටර්පෝල් නිවේදනය පහත දැක්වේ.

INTERPOL deploying team to Sri Lanka to support investigation into bomb attacks 1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top