Apr 23, 2019

ප්‍රහාර ගැන මගේ ආරක්ෂක අංශ මට කිව්වේ නෑ - මහින්ද

පාර්ලිමේන්තුව කථානායක කරු ජයසුරිය මහතා ප්‍රධානත්වයෙන් අද(23) පස්වරු 1 ආරම්භ විය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ප්‍රහාරයන්ගෙන් මිය ගිය පිරිස වෙනුවෙන් විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක්ද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරිමට පෙර  සිදු කළේය.
 
 ශ්‍රි ලංකාව ගොලීය ත්‍රස්තවාදයට ඇතුළු වී අවසන් බවත් දිර්ඝ කාලයක් පුරා සංවිධානාත්මකව සැලසුම්කර සංවිධායක් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.
 
සභාව ඇමතූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහි වගකීම ආණ්ඩුව බාරගත යුතු බව පැවසීය. තවද ආරක්ෂක අංශ දුර්වල කොට ඇති බවත් අගමැති ජනාධිපති දෙපැත්තක තබා මෙම ප්‍රශ්න විසදිය නොහැකි බව හෙතෙම එහිදී පැවසීය. 
 
එමෙන්ම මෙම ප්‍රහාර පිළිබඳව තම ආරක්ෂක අංශ දැනුවත් කර සිටි නමුත් එම ආරක්ෂක අංශය තමාව දැනුවත් නොකළ බවද හෙතෙම පැවසීය. එසේ දැනුවත් කළා නම් තමා කාදිනල් තුමා දැනුවත් කරන බවත් තමාද ආරක්ෂාව සළස්වා ගන්නා බවත් මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
 
මෙම කතාව අතරවාරයේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් උද්ගතවූ අතර පාර්ලිමේන්තුව හෙට 10.30 වන තෙක් කල්තබනු ලැබීය.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top