Apr 23, 2019

NTJ හි නායත්වය නවුෆර් මවුලවිට : මාර්සැග් තවත් ප්‍රහාරයකට සැරසෙයි

ඉකුත් පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා හෝටල් වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නව නායකයා ලෙස නවුෆර් මවුලවි යන අය පත්කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

ඔහු එම සංවිධානයේ නායකයාව සිට පසුගියදා ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කළ සහාරාන් හෂීම්ගේ ඥාති සහෝදරයෙකු බව පැවසේ.

මේ අතර, එම සංවිධානය ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි ඉන්දීය ද හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කර තිබේ.

ජාතික තව්හීද් ජමාත් සංවිධානය ට සම්බන්ද බවට පැවැසෙන ජලාල් අල් කුයිටාල් නොහොත් රිල්වාන් මාර්සැග් මෙම ප්‍රහාරය දියත් කිරීමට ඉඩ ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top