Apr 24, 2019

"ප්‍රහාරවල වගකීම සියලු ආණ්ඩු බාරගත යුතුයි - ඔක්කොම අවලංගුයි ඉතුරු අලවංගු විතරයි" Featured

මෙවැනි ප්‍රහාර එල්ල කිරීමේ ත්‍රස්තවාදී සංවිධානයක් දිනකින් දෙකකින් බිහිවන්නක් නොවන බවත්, මේ ප්‍රහාරවල වගකීම පසුගිය වසර 10 තුළ ආණ්ඩුකළ සියලුම ආණ්ඩු බාරගතයුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

රට දියුණු කිරීමට නම් සුදුස්සෝ සුදුසු තැන්වලට පත් කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

පිරීම් සිදුවීමෙන් පසුව, සියලු කටයුතු අවලංගු කරමින් විහිළු සැපයූ බවත්, මේවන විට සියල්ල අවලංගු වී ඉතිරිව ඇත්තේ අලවංගු පමක් බවත් ඔහු කීය.

රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙන්න

මෙතරම් විනාශයක් සිදුවීමෙන් පසුව ආරක්ෂක කවුන්සිලයේ අයට අදාළ ධූර දැරිය නොහැකි බවත්, සියලු සාමාජිකයන් ඉවත්විය යුතු බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය ආරක්ෂක ඇමති කෙනෙක් හිටියත් ඔහුට ආරක්ෂක කවුන්සිලයට යාමට අවසරයක් නොවූ බවත් සරත් ෆොන්සේකා මහතා මෙහිදී හෙළි කළේය.

මටත් දැන් ආරක්ෂාව නෑ

තමාටද මේවන විට නිසි ආරක්ෂාවක් නැති බව කී ෆොන්සේකා මහතා පසුගිය නොවැම්බර් 17 වැනිදා සිට තමාට ලබාදුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවද ඉවත් කර ඇතැයි ඔහු කියා සිටියේය.

තමාගේ ආරක්ෂාවට ලබාදී සිටින පොලිස් නිලධාරීන් ගමන් ගන්නේ කිලෝමීටර් ලක්ෂ 6ක් දුවපු ජීප් කට්ටකින් බවත් ඔහු කීය. එය ලක්ෂ 2ක් දුවපු එකකට මාරු කර ගැනීමට පසුගිය කාලයේ උත්සාහ කළත් එයද අසාර්ථක වූ බව ෆොන්සේකා මහතා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top