Apr 24, 2019

කිංග්ස්බරි හෝටලය යළි විවෘතයි

පසුගිය අප්‍රේල් 21 දා එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ඉලක්කයක්ව හානියට පත්වූ කොළඹ කිංග්ස්බරි හෝටලය අද (24) සිට සිය සුපරුදු මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

ප්‍රහාරය එල්ල වුනු කිංග්ස්බරි හෝටලයේ Harbour Court Multi Cuisine නම් අවන්හලට ඉන් දැඩි ලෙස අලාභහානි සිදුව තිබීම නිසා එය හැරෙන්නට හෝටලයේ සෙසු මෙහෙයුම් කටයුතු සියල්ල මෙලස අද සිට නැවත ආරම්භ කර ඇත.

මේ අතර එම අවන්හලෙහි කටයුතුද හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරලීමට කටයුතු කරනු ලබන බවත් කිංග්ස්බරි හෝටල් කළමනාකාරීත්වය පවසා සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top