Apr 24, 2019

"ගුවන්තොටුපපොළ ආරක්ෂිතයි - හිතවතුන් ගේන්න එපා"

කටුනායක ගුවන් තොටුපොළ ඉතාම ආරක්ෂිත බවත්, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගීන්ගේ හිතවතුන් ගුවන් තොටට රැගෙන පැමිණීමෙන් වලකින ලෙස, ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා ඉල්ලා සිටී.

ගුවන් තොටුපල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් ප්‍රියන්ත මහතාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

ලංකාවට පැමිණෙන මගීන් ගෙනයාමට පැමිණෙන අයට නයි කන්දේ රථ ගාලක් ඇති බවත්, පැමිණෙන මගීන් වායු සමනය කළ බස් රථවලින් එම රථ ගාලටම ඇරලවීම ගුවන් තොටුපල සේවකයන් විසින් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

ආරක්ෂිත හේතූන් මත මේවන විට මෝටර් රථ ගුවන් තොටුපල භූමියට නොගැනීමට තීන්දු කර ඇති බවද කාරියප්පෙරුම මහතා පැවසීය.

යුරෝපා, ඉන්දියා, චීන, මැලේසියා හා තායි වීසා කාර්යාල වහලා

රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන කොළඹ පිහිටි වීසා මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි වාර්තා වේ.

එම මධ්‍යස්ථාන අතර ඉන්දියාව සඳහා වීසා සේවා සපයන අයි.වී.ඒස් ලංකා (IVS Lanka) ආයතනය සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන වී.ඒෆ්.ඒස්. (VFS Global ) වීසා අයදුම් මධ්‍යස්ථානය ද ඇතැයි පැවසේ.

මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top