Apr 25, 2019

TJA තහනම් කරන්නැයි පල්ලිවලින් ඉල්ලයි ! Featured

ජාතික තව්හීත් ජමාත් සංවිධානයට (TJA) අයත් මුස්ලිම් වහාම තහනම් කරන ලෙස ඉල්ලා පොළොන්නරුවේ පිහිටි මුස්ලිම් පල්ලි විසිනමයේ මවුලවිවරු හා පොළොන්නරුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.පී. ධම්මික විරසේකර මහතා වෙත සංදේශයක් බාරදී තිබේ.

ඔවුන් අද (25) පොළොන්නරුව මුලස්ථාන පොලිසියට ගොස් මේ සංදේශය භාරදී තිබිණි.

පොළොන්නරුවේ තව්හීත් ජමාත් සංවිධානයට අයත් පල්ලි තුනක් ඇති අතර ඒවා මානික්කම්පට්ටිය, තඹාල සහ සුංගාවිල යන ස්ථානවල පිහිටා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු පොළොන්නරු දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපති එස්.ඒ.ඒ. සමග් "අපි දැන් පොලොන්නරුවේ අවුරුදු 80ක් 100ක් පමණ කාලයක ඉදලා පදිංචිව සිටිනවා. මෙහි මුල්ලිම්, දෙමළ සහ සිංහල තුන් ගොල්ලම ජිවත් වෙනවා. නමුත් කවදාවත් අපි තුන්ගොල්ල අතර කිසිදු ප්‍රශ්නයක් හෝ ගැටුමක් මෙතෙක් කල් සිදු වෙලා නෑ. යම් ප්‍රශ්නයක් වුනා නම් වුනේ මේ තව්හීත් ජමාත් සංවිධානය ආරම්භ විමත් එක්ක තමයි. මෙම සංවිධානය අපේ රටේ ලියා පදිංච් වෙලාත් නෑ. අපි වසර ගණනක් එක්මුත්ව එක්සත්ව ජිවත් වුනා මෙච්වර කල් නමුත් දැන් පසුගිය සිදු සිදුවීම් මාලාවත් එක්ක රටේ සියලුම මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නේ.” යනුවෙන් කියා සිටියේය.

MulismPolonnaruwa1 670px 19 04 25පොලොන්නරු දිස්ත්රික් මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපති එස් .ඒ.ඒ. සමග්

MulismPolonnaruwa2 670px 19 04 25තව්හීත් ජමාත් සංවිධානය තහනම් කරන ලෙස ඉල්ලා ලබා දෙන ලිපිය පොලි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top