Apr 25, 2019

රටේ ආරක්ෂාවක් නෑ : මහින්ද ගෝඨා ආවොත් මම ආයෙත් හිරේ - ෆොන්සේකා Featured

මේ යන තත්ත්වය උඩ රටේ ආරක්ෂාවක් නැතැයි හිටපු හමුදාපති හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ඉකුත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ගොස් එහි පූජකයන් හමුවීමෙන් පසුව මාධ්‍ය කළ විමසීමකදීය.

ආරක්ෂාව ස්ථාපිත කිරීමට අවම වශයෙන් වසර දෙකක කාලයක්වත් කැපවීමෙන් කටයුතු කළ යුතු බවද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

මෙය විහිළු කිරීමට අවස්ථාවක් නොවන බවත්, කෙසේවුවද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ඇඟට දැනෙන තීන්දු තීරණ ගෙන නැතැයි ද ඒ මහතා චෝදනා කළේය.

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් තමා සමඟ සාකච්ඡාවක් කර නැතැයි ද ඔහු මෙහිදී කියා සිටියේය.

ජනපතිවරයා හා අගමැතිවරයා තීන්දු තීරණ ගැනීමට තල්ලු කළ යුතුබවත්, සියලු දෙනාම සිතා සිටින්නේ ඔවුන් ඔක්කොම ටාසන්ලා බවත්, මේ වැඩවලින් ඔවුන් වැඩ බැරි ටාසන්ලා බව ඔප්පූවී ඇතැයි ද ෆොන්සේකා මහතා පැවසීය.

මේ තත්ත්වය නිසා ෆොන්සේකා මහතාටත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එක්වීමට සිදු වේවි දැයි මාධ්‍යවේදියකු කළ විමසීමකදී ෆොන්සේකා මහතා පැවසුවේ එම සුසංයෝගය නම් නැවත නොපැමිණෙනු ඇති බවත්, එම සුසංයෝගය නැවත පැමිණියොත් එය අවසන්වනේ තමා නැවත හිරේ යාමෙන් බවත් ඔහු කියා සිටියේය.

ෆොන්සේකා මහතාගේ කටුවාපිටිය දේවස්ථාන සංචාරය සම්බන්ධයෙන් අද දෙරණ වාර්තා කර තිබුණේ මෙසේය. (වීඩියෝ අනුග්‍රහය අද දෙරණ)

via ytCropper

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top