Apr 28, 2019

මුස්ලිම් කාන්තා බුර්කාව ගැන අගමැතිගේ ස්ථාවරය මෙන්න  Featured

ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය ආවරණය කරන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව අගමැති  කාර්යාලය නිවේදනය කර සිටී.

ඉහත ප්‍රවෘත්තිය මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බුර්කාව තහනම් කිරීමට නීති පැනවීමට විරුද්ධ බවට ඇඟවීමක් ඇති කිරීමට උත්සාහ ගෙන තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

අගමැති රනිල් වික්රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ බුර්කාව භාවිතය නැවැත්වීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායතුල් උලමා සභාව විසින් යෝජනාවක් සම්මත කරනු ලැබ ඇති බැවින් අධිකරණ අමාත්‍යවරිය එම සභාව සමග ද සාකච්ඡා කොට නීති කෙටුම්පත සැකසීම සිදු කරන ලෙසය. 
Press Release 28th April 2019
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top