Jan 18, 2017

විපක්ෂයට හැකි ආණ්ඩුවට බැරි දේ මරික්කාර් කියයි (වීඩියෝ) Featured

මේ ආණ්ඩුවේ ඇති ලොකුම දුර්වලතාවයත්, විපක්ෂයේ ඇති ලොකුම හැකියාවත් මාර්කටිං බවත්, ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මාර්කටිං ෆේල්බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස.එම්. මරික්කාර් මහතා කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති HE සඟරාවේ වර්ෂ පූර්ණය වෙනුවෙන් පැවැති HE FORUM හිදී මරික්කාර් මහතා මේ බව කියා සිටියේය.

එසේම පහසුකම් අවම මට්ටමක ඇති විපක්ෂයට මාර්කටිං පිළිබඳ හැකියාව ඇතැයිද, පහසුකම් උපරිමයෙන් ඇති ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් නොහැකියාවක් ඇති බවටද ඔහු චෝදනා කළේය.

උදාහරණයක් ලෙස 19 වැනි සංශෝධනය හා කොමිෂන් සභා පිහිටුවීමේ යහපාලන ගුණාංග මේ ආන්ඩුවට මාර්කට් කර ගැනීමට නොහැකි වූ බවද ඔහු කියා සිටියේය.

වැඩිදුරටත් ඔහු මෙසේද කීය. (දර්ශන අනුග්‍රහය HE ෆේස්බුක් පිටුව)

අද පුවත්පතෙහි කර්තෘ කාංචන දසනායක සහ HE සඟරාවේ කර්තෘ සාරංග විජයරත්න HE FORUM  මෙහෙයවනු ලැබූ අතර එහි විද්වත් මණ්ඩලයට මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය දයාන් ජයතිලක හා මාහාචාර්ය සුරේන් රාගවන් යන මහත්වරු සහභාගිවූහ.

එහිදී HE සඟරාවේ පළමු සංවත්සර කලාපය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට HE
ප්‍රකාශයට පත්කරනු ලබන ඒෂියා මීඩියා කෝපරේෂන් සමාගමේ සභාපති සයුරු සෝමසුන්දර මහතා විසින් පිළිගන්වනු ලැබීය.

ඡායාරූප - HE ෆේස්බුක් පිටුව

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top