Apr 30, 2019

සහරාන්ගේ අනුගාමිකයෙක් කේරලයෙන්, ගෝලයෙක් කල්මුණෙන් අල්ලයි

කල්මුණේ, මරඳමුණ, අස්රොෆ් පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී ආගමික පොත්පත් ලෙස අනුමාන කළ හැකි ග්‍රන්ථ 3 ක්, ජංගම දුරකතන, සිම්කාඩ් ඇතුළු තවත් උපකරණ රැසක් සිය භාරයට ගත් බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදී තිබේ.

කේරලයෙන් ඇල්ලූ රියාස් අබුබකර් හෙවත් අබූ දුජානා

මේ අතර, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු පසුගිදා මෙරට බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට පාපෝච්ඡාරණය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

විසි හැවිරිදි සැකකරු රියාස් අබුබකර් හෙවෙත් අබු දුජානා ලෙස හදුනාගෙන තිබේ.

ඔහු අනාවරණය කර ඇත්තේ වසරක පමණ කාලයක සිට තමා සහරාන් හෂීම්ගේ සහ ශකීර් නායික් නමැත්තාගේ අදහස් අධ්‍යයනය කළ බවයි.

කේරළයේ ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුම පිළිබඳ ඔහු විසින් වැඩිදුර කරුණු අනාවරණය කර ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.

සැකකරු අද(30) කොචී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top