May 01, 2019

"NTJ නායකයා සහ්රාන් නොවෙයි : නායකයා අත්අඩංගුවට"

ඉකුත් පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා හෝටල්වලට ප්‍රහාර එල්ල කළ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා සහ්රාන් හෂීම් නොවන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔහු අදාළ සංවිධානයේ නායකයා නම් ඔහු කිසිදිනක මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස මෙසේ බෝම්බ පුපුරවා නොගන්නා බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

කෙසේවුවද, වාසනාවකට එම සංවිධානයේ නායකයා අත්අඩංගුවට පත්ව ඇති බවත්, ඔහුගේ නම තමාට ආරක්ෂක අංශ දැනුම්දුන් බවත්, එය අමතක බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසීය.

කෙසේවුවද, අදාළ නම ආරම්භ වන්නේ එම් අකුරෙන් බවද ඔහු කීය.

via ytCropper

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top