May 02, 2019

DJ අරාට ජාත්‍යන්තර සම්මානයක් (වීඩියෝ)

අටවැනි වරට පැවැති ග්ලෝබල් කස්ටමර් එන්ගේජ්මන්ට් සම්මාන උළෙලේදී (Global Customer Engagement Awards) පුද්ගල (Individual) සම්මාන කාණ්ඩයෙන්, Most Admired RJ with International Fame රන් සම්මානය දිනා ගැනීමට අරවින්ද ලොකුගේ මහතා (DJ අරා) සමත්ව ඇත.

මේ සම්මාන උළෙල ACEF Global Customer Engagement Forum විසින් සංවිධානය කරනු ලබන අතර එය පසුගිය 25 වැනිදා ඉන්දියාවේ මුම්බායි Westin හෝටලයේදී පැවැත්විණි.

මෙහිදී ප්‍රවීන ඉන්දීය සිනමා අධ්‍යක්ෂක කරන ජොහාර්, ජනප්‍රිය සිනමා නිළි කරීනා කපුර් සහ සිනමා නළු රන්බීර් කපූර් ද සම්මාන ලබා ගත් අතර ශ්‍රී ලාංකික ගුවන් විදුලි නිවේදකයෙක් මෙම සම්මානය හිමි කරගත් පළමු අවස්ථාව මෙයවීම ද විශේෂිතය.

කෙසේවුවද, රට තුල ඇතිවී තිබූ තත්ත්වය හේතුව එම සම්මානය ලබා ගැනීමට ඔහු ඉන්දියාවට නොගිය අතර ඒ වෙනුවෙන් සකස් කරන ලද විශේෂ වීඩියෝපටයක් අරවින්ද විසින් එහි සංවිධායකයන් වෙත යවා තිබිණි.

අදාළ සම්මානය පිරිනැමීමට කටයුතු කළ අයුරු හා අරවින්දගේ පණිවුඩය දැක්වෙන වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top