May 04, 2019

FBI ලොක්කො 8ක් - සෙස්සෝ 32ක් ලංකාවේ !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව කෙරෙන විමර්ශනවලට සහය වීමට ඇමෙරිකානු පෙඩරල් ආරක්ෂක විමර්ශන කාර්යාංශයේ (F.B.I) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 08 දෙනකු සහ සහායක නිලධරයන් 32ක් කොළඹට පැමිණ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ජනපතිවරයා මේ බව පවසා ඇත්තේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

අමෙරිකානු එෆ්.බී.අයි. නිලධාරීන් 40ක් පමණ හදිසියේ මෙරටට පැමිණ ඇත්තේ ජනපතිවරයාගේ අනුදැනුම ඇතිවදැයි විමල් වීරවංශ මහතා ඇසූ පැනයකට අදාළව ජනපතිවරයා මේ පැහැදිලි කිරීම සිදුකර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top