May 05, 2019

RTI පනතට සම්බන්ධ පළමු නඩුව හෙට අධිකරණ විභාගයට

තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් හා බැරකම් හෙළිකරණ ලෙස කරන ලද ඉල්ලීමකට එරෙහිව ජනාධිපති කාර්යාලය විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට ලබාදී තිබූ නියෝගයට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සමාගම විසින් ගොනුකර ඇති නඩුව හෙට (06) අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
 
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (TISL) ආයතනය විසින් 2017 දී තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනපති හා අගමැතිවරයාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටිනු ලැබීය.
 
අදාළ තොරතුරු ලබා නොදීම හේතුවෙන් ට්‍රාන්ස්පේරන්සි ආයතනය විසින් තොරතුරු දැන ගැනීමේ කොමිසම වෙත පැමිණිලි කිරීමෙන් පසුව එම කොමිසම සියලු පාර්ශවකරුවන් කැඳවන ලද අතර අවසානයේ අගමැතිවරයාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නිකුත් නොකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කර ඇති බව එහිදී හෙළිවිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top