May 05, 2019

''කිරිඇල්ල, ඇමතිකමෙන් ඉවත් කරන්න'' - අමරවීර, ජනපතිට කියයි 

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි තමන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

ජනාධිපතිවරයාට අපහාස වන අන්දමේ රාජ්‍ය විරෝධී වැකි අඩංගු ලිපි තොගයක් හමුවීම් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.



එජාප නායකයින් නිහඬ ඇයි ?

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ නිලධාරීන් තිදෙනෙකු බොරු චෝදනා නගා සිරභාරයට ගෙන තිබියදී එජාපෙ නායකයන් කරබාගෙන සිටින්නේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් විසින් පවත්වාගෙන යන ඇතම් සමාජ මාධ්‍ය කවයන් විමසීමට ලක්කරමින් තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු 'කලම්බු ටෙලිග්‍රාෆ්' ඉංග්‍රීසි වෙබ් අඩවියක පළ වූ දේශපාලන ලිපියක සිංහල පරිවර්තනයක් පිටපත් කර විහාරස්ථාන වෙත තැපැල් කිරීමට යද්දී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ජනාධිපති කාර්යාලයේ ඍජු නියෝග මත ඒ පිරිස හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලැබිය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීම ජනාධිපති හොඳින්ම දැනගෙන සිටි බව එම ලිපිය මගින් අවධාරණය කර තිබිණ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එකී ඉංග්‍රීසි වෙබ් අඩවියේ ලිපියේ සඳහන් කරුණු අද වන තුරු කිසිදු පුද්ගලයෙකු ප්‍රතික්ෂේප කර නැති බව පවසයි. 

සබැඳි පුවත් :
'රාජ්‍ය විරෝධී' ලිපිය ජනගත කරන්න - කිරිඇල්ල ගෙන් අභියෝගයක් ! 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top