May 06, 2019

"අසාද් සාලිට මුලින් අපිව දැනුවත් කරන්න තිබුණා" - තලතා

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී මහතා විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි පසුගියදා මාධ්‍ය හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.

ආණ්ඩුකාරවරයා එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා. මාධ්‍යට ප්‍රකාශ කිරීමට පෙර වගකිව යුත්තන් දැනුවත් කළ යුතුව තිබුණා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙක්ගේ සිත් තැවුලකට පත් වුණා නම් මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා යැයි එම නිවේදනයේ දැක්වේ.

මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

ඊයේ දවස වන විට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී මහතා විසින් අධිකරණයට සම්බන්ධව විනිශ්චයකාරතුමන්ලා පිළිබඳව යම් කිසි හෙළිදරව්වක් කරන්නට යෙදුනා මාධ්‍ය හරහා, මම මොනම හේතුවකටවත් මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න සුදානම් නැති වුණත්, මාධ්‍ය හරහා වෙච්ච හෙළිදරව්වක් නිසා ඒ සදහා මට මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන්න වෙලා තියෙනවා.ඒ අනුව විශේෂයෙන්ම මම ඇත්තටම සන්තෝෂ වෙනවා ගරු ආණ්ඩුකාරතුමා මේ පිළිබව විෂය භාර ඇමතිවරිය හැටියට අපිව පුද්ගලිකව දැනුවත් කරලා හෝ අතිගරු ජනාධිපතිතුමා හෝ ගරු අගමැතිතුමා දැනුවත් කරලා, ඒ අවශ්‍ය කටයුතු කරන්න අපිට උපදෙස් ලබා දුන්නා නම් , නමුත් එහෙම කිසිම දෙයක් නොකර මම හිතන්නේ මේ වෙලාවේ ඉතාම ස්වාධීන අධිකරණයක් රටේ ක්‍රියාත්මක වන වෙලාවක නීතියට ගරු කරමින් නීතිය ක්‍රියාත්මක වන වෙලාවක විනිශ්චයකාරවරයෙක් කළ සිද්ධියක් හෝ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යට කෙලින්ම කථා කිරීම ඒ තරම්ම හොද ක්‍රියාවක් හැටියට මම දකින්නේ නැහැ.ඒ පිළිබදම මම මේ අවස්ථාවේ හෙළා දකිනවා.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top