Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 19, 2017

ශෂිදරන් මාරාන්තික උපවාසයකට සැරසෙයි

යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ  අතුරුදහන් වූවන් සොයා දීම සම්බන්ධයෙන් රජය සැලකිල්ලක් නොදක්වන නිසා අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි බලකරමින් ලබන ඉරිදා (22) මාරාන්තික උපවාසයක් අරඹන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මහත්මිය පවසයි.

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදහන්ව සිටින  තම සැමියා වන ඇතුළු දහස් සංඛ්‍යාත අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජය කිසිදු සැලකිල්ලක් නොදක්වීම තම මාරාන්තික උපවාසයට හේතු වූ බවද ඇය කියා සිටින්නීය.

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් දේශපාලන අංශ බාර නායකයාව සිටි සිය සැමියා වන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ද අවසන් යුද සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර වූ බවත් ඔහු අදට පවා අතුරුදහන්ව සිටින බවත් විශේෂයෙන් ඔහු පිළිබද දැනගැනීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බවත් ඇය කියා සිටින්නීය.


(ලංකාදීප)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top