May 12, 2019

අගරදගුරු හිමියන්ට ජිවිත තර්ජන ! (වීඩියෝ) Featured

තමන්ටද මේ වන විට ජීවිත තර්ජන එල්ල වී ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

උන්වහන්සේ එබව පැවසුයේ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ අද (11) පැවති විශේෂ දිව්‍ය පූජාවේදීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කළ යුතු බව ද උන්වහන්සේ එහිදී පැවසුහ.

පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී අද පැවැත් විය.

කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල්වල ඥාතීන් හා තුවාල ලැබූවන් සහභාගී වූ මෙම විශේෂ දිව්‍ය පූජාව පැවැත්වුණේ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් මූල්‍යාධාර පිරිනැමීමද මෙහිදී සිදුකෙරුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top