May 12, 2019

"මේක ශ්‍රී ලාංකිකයින්ගේ රට. දෙවැනි පෙළ පුරවැසියන් නැහැ" - මංගල කියයි Featured

ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනයා සිංහල - බෞද්ධ වුවද මෙය සියලු ජාතින්, සියලු ආගම් නියෝජනය කරන ශ්‍රී  ලාංකිකයින්ගේ රට බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතරදී ඊයේ (11) පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 "මටත් පුළුවන් ඕන නම් සමහර අය වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න කියන්න ...මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්.. ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් විතරක් නෙමෙයි..ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. 

ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. අපි බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවක් පිට උඩ පටවන්න බෑ. " 

මෙරටේ කව්රුවත් දෙවන පන්තියේ පුරවැසියෝ නෙමෙයි. අද පුරවැසිභාවය ගත පුද්ගලයාටත් අනෙකුත් පුරවැසියන්ට ලැබෙන වරප්‍රසාද ලැබෙනවා. 


පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ විය.

 "මේ බෝම්බ සිද්ධිය සිදු වුණේ සංචාරකයින් වැඩිපුර නොඑන කාලේ. දැන් ඉඳලා ඉදිරි මාස හය හත වෙනකම් යළි වතාවක් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපිට කල් ලැබිලා තියෙනවා." යයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top