May 13, 2019

මුස්ලිම් කටයුතු ඇමැති මාරු කළ යුතුයි - යුද හමුදාපති

මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා වහාම මාරුකර එම අමාත්‍යාංශය වෙනත් උගත් බුද්ධිමත් අයකුට පැවරිය යුතුව ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.

''මෙම අමාත්‍යාංශය මුස්ලිම් ඇමැතිවරයකුටම දිය යුතු නැහැ. වෙනත් ආගමිකයකුට වුවත් පැවරිය හැකියි. මූලධර්මවාදීන් සහ අන්තවාදීන් පිළිබඳව අපට නිතර නිතර ඇහෙනවා. වත්මන් මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා මේවා නිසි ලෙස සොයා බලන්නේ නැහැ. කොටින්ම කියතොත් ගෙදර ඉන්න මිනිහා තමාගේ ගේ පරීක්‍ෂා කරනවා වගෙයි. මෙම පරීක්‍ෂණ කටයුතුවල ස්වාධීනත්වයක් ඕනෑ. එතකොට ප්‍රශ්නය විසඳෙයි.

මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කළ යුතු රාජකාරිය හමුදාවට, පොලිසියට සිදුකරන්න වෙලා. වහාම මෙම අමාත්‍යාංශය මාරු කිරීම වැදගත් වෙනවා.'' යයි ද යුධ හමුදාපතිවරයා සඳහන් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top