මීට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග හා ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව හා මාලදිවයින සදහා වූ අධ්‍යක්ෂ ඉඩා ස්වරායි යන මහත්ම මහත්මින් අත්සන් අත්සන් තැබූ අයුරු. මීට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග හා ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව හා මාලදිවයින සදහා වූ අධ්‍යක්ෂ ඉඩා ස්වරායි යන මහත්ම මහත්මින් අත්සන් අත්සන් තැබූ අයුරු.
May 15, 2019

ලංකාවට ඇමෙරිකාවෙන් තවත් ණයක් !

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය මගින් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 70 ක ණය ආධාර ලබාදීමට පියවර ගෙන තිබේ.

මේ මුදල ලබාදී ඇත්තේ ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි.

ප්‍රාදේශිය සැලසුම් පද්ධති ශක්තිමත් කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය ආයතනික සංවර්ධනය හා පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම ඇතුළු ව්‍යාපෘති රැසක් මේ යටතේ ක්‍රියාවට නැංවීමට නියමිතය

මේ සදහා ඇස්තමේන්තු පිරිවැය ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක් වන අතර ඉන් මිලියන 70 ක මුදලක් ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ලබාදෙයි.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සදහන් කළේ සෙසු මුදලෙන් ඩොලර් මිලියන 7 ක් රජය මගින් ද ඉතිරි මුදල යුරෝපා සංගමය මගින් ද ලබාදෙන බවයි.

උතුරු , උතුරු මැද, නැගෙනහිර හා ඌව යන පළාත්වල පළාත් පාලන ආයතන 134 ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top