May 15, 2019

දෙමළ සංධානයෙන් අනතුරු ඇඟවීමක් ! Featured

එක් අයකුට මරු කැඳවමින් දියත් වුනු මුස්ලිම් විරෝධී කැරලිකාරිත්වය හෙලා දකින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂය අපරාධ කරුවන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග නොගතහොත් පීඩාවට පත්වූවන් තමානගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමේ අවදානම ගැන එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පසුගිය දෙදින තුල ගම්මාන කිහිපයක මුස්ලිම් නිවාස, ව්‍යාපාර හා දේවස්ථාන වලට ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් කණස්සල්ල පලකරන දෙමළ ජාතික සන්ධානය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී ආරක්ෂක හමුදා හමුවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම දැඩි ලෙස හෙලා දැක ඇතැයි ද එහි දැක්වේ.

එහි වැඩිදුරටත් “ආණ්ඩුවට සහ ආරක්ෂක අංශවලට ජනතාව ආරක්ෂා කිරීමේ හැකියාවක් හෝ උවමනාවක් හෝ නැති බව ජනතාවට හැඟී ගියහොත් ඔවුන්ට තමන්ගේම ආරක්ෂාව සලසා ගැනීමට බලකෙරෙනු ඇත.”

“එය සිදුවන්නට ඉඩ දෙන්නට එපා යැයි අපි ආණ්ඩුවට ආයාචනය කරමු. මේ රටේ යහතින් ජීවත් වීමට නම් සටන් වැදිය යුතු යැයි සිතන්නට තවත් ප්‍රජාවකට ඉඩ සලසන්නට එපා. ත්‍රස්තවාදයකට - පල්ලි වලට බෝම්බ ගහන ත්‍රස්තවාදයකට, මුස්ලිම් දේවස්ථාන වලට පහර දෙන ත්‍රස්තවාදයකට - මේ රටේ ඉඩක් තිබිය නොහැකියි.” සටහන්ව ඇතැයි ගගන වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top