May 15, 2019

පාකිස්තානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය අවලංගු වෙයි !

පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීමට ඊයේ (14) රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

අදාළ සංචාරය මැයි 23 වැනිදා සිට ජුනි 06 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබිණි.

කෙසේවුවද, නව තරග කාල සටහනක් යටතේ ශ්‍රී ලංකා හා පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර තගර 5කින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

අදාළ තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top