May 15, 2019

කිෂූ සංචාරක සංවර්ධන අධිකාරියේ ලොකු පුටුවෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෙකු වන කිෂූ ගෝමස් මහතා, තමන් දැරූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී කිෂූ ගෝමස් මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිවරයා වශයෙන් පත්විය.

ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති අතර, පවතින තත්ත්වය තුළ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩි වශයෙන් අවධානය යොමු කිරීමේ අරමුණින් කිෂූ ගෝමස් මහතා තමන් දැරූ සංචාරක සංවර්ධන අධිකාරියේ තනතුරෙන් මෙලෙස ඉවත් වීමට තීරණය කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් ජොහාන් ජයරත්න මහතා සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් පත්කර ඇති අතර ඔහු මීට පෙර සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයතු කරනු ලැබීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top