May 16, 2019

බැටික්ලෝ කැම්පස් ලොක්කෝ 21දා කෝප් කමිටුවට Featured

බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා නමින් මඩකලපුවේ ඉඳිවන විශ්වවිද්‍යාල බලධාරීන්ට ලබන 21 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නියෝග පරිදි මේ කැඳවීම සිදුකර ඇත.

මේ අතර අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන අධ්‍යයනයේ වාර්තාව ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේ, මඩකලපුවේ ඉදිවන බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කිරීමට ද උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top