May 16, 2019

ප්‍රසන්න රිෂාඩ්ගේ විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි ?

අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාට එරෙහි විශ්වාස භංගයට අත්සන් නොකිරීමට හේතු දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ දිනවල තමා විදේශගතව සිටින බැවින් අදාළ විශ්වාසභංගයට අත්සන් කිරීමට නොහැකි වූ බව ඔහු සිය නිවේදනයෙන් කියා සිටී.

කෙසේවුවද, විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට අත්සන් 20ක් ප්‍රමාණවත් බව පෙන්වා දෙන ඒ මහතා විශ්වාසභංගයට ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේ ඒ සඳහා ඡන්දය ලබාදීමට පැමිණෙන බවද එහි වැඩිදුරටත් දක්වා තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top