May 16, 2019

රජරට වැව් ජලජ ශාකවලින් පිරීමෙන් ගැටලු රැසක්

රජරට වැව් රැසක් මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාපත වෙමින් තිබෙන ජපන් ජබර, සැල්වීනියා ඇතුළු තවත් ජලජ ශාක වර්ගයන් කිහිපයක් විසින් වසා ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවාසීහු අපහසුතාවයට පත්ව සිටිති.

මේ ග්‍රහණයට වැව් හා ජලාශ වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේය.

තේවනුවර ගල් ඇළ, වනාතවිල්ලුව, විල්ලුව, සිසිල්වැව වැනි වැව් සහ ජලාශද මෙසේ ජලජ ශාක වලින් පිරී පැවැතීම හේතුවෙන් ඒ ආශ්‍රිත ධීවර කර්මාන්තයේ නියැලි ධීවරයන්ද පීඩාවට පත්ව ඇත.

තබ්බෝව ආශ්‍රිතව පිහිටි මේ වැව්වල ජලය අඩු දිනයන්හිදී මසුන් මැරීමට තමන් කටයුතු කරන බව පවසන ධීවරයන්, මේ වසරේ ලැබුණු අධික වර්ෂාවත්, ජලජ ශාඛවල වර්ධනයත් හේතුවෙන් සිය සාම්ප්‍රදායික ධීවර යාත්‍රාවලින් ගමන් කිරීමටත්, දැල් එළීමටත් නොහැකිවීම හේතුවෙන් ධීවර කර්මාන්තය කරගෙන යාමට නොහැකිවී ඇතැයි ඔවුන් කියා සිටී.

එම වැව් දියනෑමට භාවිතා කරනු ලබන දරුවන් ඇතුළු ප්‍රදෙශ වාසීහු විවිධ අසාත්මිකතාවලට නිතර නිතර ලක්වන බවද ප්‍රදේශවාසීන් පැවසීය.

වාරි මාර්ග දෙපාර්ත්තුමේන්තුව යටතේ නඩත්තුව සිදු කෙරෙන මෙම වැව් සහ ජලාශ නිසි ලෙස නඩත්තු කිරීම සිදු වන්නේ නම් එම ජනතාවට මෙවැනි පීඩාවලට ලක්වීමට නොවන බවද ප්‍රදෙශවාසියෙක් පැවසීය.

සටහන  - ප්‍රියංකර කළුපහන පුත්තලම වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top