May 17, 2019

21දා ගැන ආණ්ඩුවට තවම වාර්තාවක්වත් නෑ ! Featured

පසුගිය අප්‍රේල් 21 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව තවමත් වාර්තාවක් සකසා නොමැති බව වාර්තා වේ.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව පසුගිය දා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින 3ක් පැවැති විවාදයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුවද එවැන්නක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බව කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසා තිබේ.

මෙවැනි සිද්ධි ඇති වූ විට 1962 වසරේ සිට එවැන්නක් සිදු වූ බවද ඔහු කියා සිටී.

මේ අවස්ථාවට එවැනි වාර්තාවක් සැක සීමට විපක්ෂයට ද නොහැකි වූ බවට ද ඔහු චෝදනා කරයි.

එසේම ඔහු දේශපාලන නායකත්වය අදවන විට පිරිහී ඇති බවත්, දේශපාලන නායකත්වය ජාතියෙන් සමාව ගතයුතු බවත් පවසයි.

එසේම කාදිනල්තුමට දේශපාලන නායකත්වය කෘතඥවිය යුතු යැයිද ඔහු කියා සිටී.

ආණ්ඩුවට මේක විසඳන්න බැහැ

ත්‍රස්ත ක්‍රියාවන්ට මූලික වන්නේ දෘෂ්ඨිමය ප්‍රශ්නයක් බව පවසන ගුණසේකර මහතා එය ආණ්ඩුවට විසඳිය හැක්කක් නොවන බවද කියා සිටී.

එය විසඳිය යුත්තේ මුස්ලිම් ප්‍රජාව බවද ඔහු අවධාරණය කරයි.

කෙසේවුවද, අවාසනාවකට අපේ රටේ මුස්ලිම් බුද්ධිමත් ප්‍රජාව දුර්වල බවත්, මුස්ලිම් ජනතාව පාලනය වන්නේ මුස්ලිම් සල්ලිකාරයින්ගෙන් බවත් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මූලාශ්‍රය - රාවය

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top